Skip to content
V
ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද

By News Room · 14 February 2025

ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ලංකා කණ්ඩායම අද පිටියට පිවිසෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන එක්දින තරගය පෙරවරු 10ට ආරම්භ විය. පෙරේදා පැවති පළමු එක්දින තරගය ලකුණු 49කින් ජය ගැනීමත් සමග මේ වන විට තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවනවා.

අවසන් වරට දෙරට අතර පැවති එක්දින තරගාවලිය තුනට දෙකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. අද තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු වනු ඇතැයි අපේක්ෂා නොකරන නමුත් තරගාවලිය සම කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වෙනසක් සිදු කෙරෙනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළා. ඒ අනුව පළමු තරගයට ක්‍රීඩා නොකළ ට්‍රැවිස් හෙඞ්, ග්ලේන් මැක්ස්වෙල් සහ මිචෙල් ස්ටක් අද තරගයට ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026