Skip to content
V
ඕස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්ගේ නඩුව
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්ගේ නඩුව

By News Room · 2 September 2024

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවට අදාළ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැක් වු ප්‍රතිචාරය ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාගේ ගෘහ සේවිකාව වෙනුවෙන් පෙනි සිටින නීතිඥවරු පවසනවා.

පසුගියදා විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ රාජ්‍ය තාන්ත්‍රාක වශයෙන් රාජකාරිවලට සහය වීම පිණිස ගෘහ සහායක සහායිකාවන් රැගෙන යෑම සඳහා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් පහසුකම් සැලසීම සාමාන්‍ය සිරිත බවය.

මෙම සිද්ධියට අදාළ ගෘහ සහායිකාව තුන් වසරක පූර්ණ සේවා කාලයක් නිමා කොට තිබූ අතර, ඇය ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ඒමට අදහස් කොට තිබූ දිනට පෙර දින එම නිල නිවෙසින් රහසින් පළා ගිය බවත් ගෘහ සහායිකාවගේ වැටුප වශයෙන් අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලැබූ දීමනාව ඇයට ගෙවීමක් සිදු කර ඇති අතර අන්‍යොන්‍ය වශයෙන් ගිවිස ගත් පරිදි සේවායෝජිකාව විසින් ගෘහ සහායිකාවට එම වැටුප ගෙවා ඇති බව විදේශ අමාත්‍යාංශය සෑහීමට පත් වන බව පසුගියදා නිවේදනය කර තිබෙනවා.

2024 අගෝස්තු 15 වැනි දින, ඕස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලක, හිටපු නියෝජ්‍ය නිලධාරියාගේ වැඩ සඳහා ධනරත්නට නොගෙවූ වැටුප් වශයෙන් ඩොලර් 374,000ක් සහ තවත් ඩොලර් 169,000ක් පොලී වශයෙන් ගෙවන ලෙස ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

කැන්බරා හි මහ කොමසාරිස්ගේ නිවස අරුණතිලක මහත්මිය තම සේවකයාට සතියකට දින 7ක්, අවම වශයෙන් දිනකට පැය 16ක්වත් වැඩ කළ යුතු බවත්, වසර තුනකින් නිවාඩු ලබා දුන්නේ දින දෙකක් පමණක් සේවය ලබා ගෙන ඇති බව අධිකරණය තහවුරු කර ගෙන තිබෙනවා.

වසර තුනකදී අරුණතිලක, ධනරත්නට වැටුප් වශයෙන් ගෙවා ඇත්තේ ඩොලර් 11,212ක් පමණක් බවද, එය ගිවිසුම්ගත වැටුප් මුදලින් අඩක් පමණක් බව ද අධිකරණය මඟින් කරුණු විමර්ශනය කර තිබෙනවා.

හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස් ගෘහ සහායිකාවට ඔස්ට්‍රේලියානු නීතිය යටතේ කොන්ත්‍රාත්තුවේ සටහන් එකඟතා ගෙවා ඇති බව කිසිදු සාක්ෂියක් ඕස්ට්‍රේලියානු අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය සම්බන්ධයෙන් සඳහන්ව ඇති සාක්ෂි කඩිනමින් ඕස්ට්‍රේලියානු අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ඕස්ට්‍රේලියාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාගේ ගෘහ සේවිකාව වෙනුවෙන් පෙනි සිටින නීතිඥවරු නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026