Skip to content
V
ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරුවෙකු ක්‍රිකට් පිටියෙන් සමුගනී
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරුවෙකු ක්‍රිකට් පිටියෙන් සමුගනී

By News Room · 29 October 2024

ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකුවන මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, වසර 13ක ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ. මැතිව් වේඩ් සඳහන් කරන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නද බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බවයි. 36 හැවිරිදි ඔහු, සිය රට වෙනුවෙන් ටෙස්ට් තරග 36ක් සහ සීමිත ඕවර තරග 189ක් ක්‍රීඩා කර තිබෙනවා.

එමෙන්ම ඔහු T20 ලෝක කුසලාන තුනකට තරග කර ඇති අතර, 2021 වසරේ ඕස්ට්‍රේලියාව 20 -20 ලෝක ශූරයන් බවට පත්වූ අවස්ථාවේදී එම කණ්ඩායමේ උප නායකයා ලෙසයි ඔහු කටයුතු කළේ.

එහිදී ඔහු එම තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වා ඇති අතර, ඔහු පන්දු 17 දී ලකුණු 41ක් රැස් කර තිබෙනවා. මේ අතර, ඔහු ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියා පකිස්ථාන තරගවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට නියමිත බවයි. වාර්තා සඳහන් කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026