Skip to content
V
ඕස්ට්‍රේලියාව වසර 30කට වාර්තාවක් පිහිටුවයි
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියාව වසර 30කට වාර්තාවක් පිහිටුවයි

By News Room · 30 January 2025

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර සිය ඉනිම අත්හිටුවීය. මෙය ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව ඉනිමකදී ක්‍රීඩා කළ වැඩිම ලකුණු සංඛ්‍යව ලෙසින් වාර්තා අතරට එක්විය.

මීට පෙර ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ තිබු ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ මීට වසර 30කට ආසන්න කාලයක පෙර ලකුණු 617/5ක් රැස්කර තිබීමයි. එය ඔවුන් 1995 වසරේ පර්ත්හිදී පැවැති තරගයකදී ක්‍රීඩා කර තිබුණි.

එමෙන්ම අද අත්හිටු වූ ඉනිමත් සමග ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව දෙවතාවකදී ටෙස්ට් ඉනිමක ලකුණු 600ට වැඩියෙන් ක්‍රීඩාකර ඇත. ඔස්ට්‍රේලියානු ඉනිම ඔසවා තබමින් ආරම්භක පිතිකරු උස්මාන් කවජා ලකුණු 232ක් රැස්කිරීමට සමත් විය.

ඊට අමතරව නායක ස්ටීවන් ස්මිත් ලකුණු 141ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 102ක් රැස්කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවූ සියලුම පන්දු යවන්නෝ දැඩි පහරකෑමකට ලක් වූහ. කෙසේ නමුත් ඉන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 193කට කඩුලු 3ක් හා ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 182කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. අද තරගයේ දෙවන දිනයයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026