Skip to content
V
ඕස්ට්‍රේලියාවේ පිරිමි ආත්මයකින් ඉපදුන ඩයනා කුමරිය
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියාවේ පිරිමි ආත්මයකින් ඉපදුන ඩයනා කුමරිය

By News Room · 4 September 2024

ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැරීසියේදී අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින් මරණයට පත්වූ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය මෙසේ සිදුව ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි.

බිලී වයස අවුරුදු දෙකේදී තමන් පසුගිය ආත්මයේදී ඩයනා කුමරිය බව පවසමින් ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් මතක් කිරීමට පටන් ගත් බව ඔහුගේ පියා වන ප්‍රසිද්ධ රංගන ශිල්පී ඩේවිඩ් කැම්බල් ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

බිලීගේ වයසේ පසුවන දරුවකු දැන සිටීමට කිසිදු හැකියාවක් නොමැති ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් සහ මතකයන් පිළිබඳ ඔහුට දැනීමක් තිබෙන බවද ඩේවිඩ් පැවැසුවේය.

බිලී ඩයනාගේ ජීවිතය පිළිබඳ පවසන තොරතුරු ඉතාමත් නිවැරදි බවත් බොහෝ දෙනා ඉන් පුදුමයට පත් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

බිලී කැම්බල් ඩයනා කුමරියට ජීවිතය අහිමිවූ මෝටර් රථ අනතුර පිළිබඳව ඉතා නිවැරදි තොරතුරු මෙන්ම බැල්මොරල් මාළිගාව පිළිබඳව තොරතුරුද හොඳින් දන්නා බවත් තමා සහ බිරිඳ ඉන් කම්පනයට පත්වූ බවත් ඩේවිඩ් කැම්බල් පැවැසුවේය.

බිලී බැල්මොරල් මාළිගාව ඇවිද යන ආකාරය හොඳින් විස්තර කරන බවද ඔහු පෙන්වා දුන්නේය. ඩයනා කුමරියගේ ඡායාරූපය පෙන්වූ විට ඒ මම යැයි බිලී පවසන බවත් වයස අවුරුදු තුනේදී බිලි හැරී සහ විලියම්ට මාගේ කොල්ලෝ දෙන්නා යැයි ආමන්ත්‍රණය කිරීමට පටන් ගත් බවත් ඩේවිඩ් ප්‍රකාශ කළේය.

ඩයනා කුමරිය බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක වූ අතර ඇය විලියම් සහ හැරීගේ මවද වූවාය. ඩයනා කුමරිය 1997 වසරේ අගෝස්තු 31 වැනිදා පැරිසියේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් මරණයට පත්විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026