Skip to content
V
ඕස්ට්‍රේලියාවෙන් රූකාන්ත පවුලට ඉහළම ගෞරව සම්මාන
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියාවෙන් රූකාන්ත පවුලට ඉහළම ගෞරව සම්මාන

By News Room · 30 August 2024

ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික  ප්‍රජාවට දැක් වූ  කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක  හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලාංකික කලාකරුවකුට ලැබෙන ඉහළ ගෞරව සම්මානය පුද කරනු ලැබිණි.

මෙම කලාකරුවන් දෙදෙනා වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු අතර එම උත්සවයට ව්‍යාවස්ථාදායක සභාවේ විපක්ෂයේ නියෝජ්‍ය නායක ඉවාන් මුල්හොලන්ඩ් මන්ත්‍රිවරයාගේ සත්කාරකත්වය ලබා දී ඇත. එරට විපක්ෂ නායක ජෝන්  පෙසුටෝ හා රිචඩ් වෙල්ඩ් මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි.

එරට පාර්ලිමේන්තුවෙන් ලැබුණු ඉහළම ගෞවරය වන අතර මෙරට කලාකුරවකු එවැනි ගෞවරයක් හිමිකරගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ. මෙහිදී රූකාන්ත - චන්ද්‍රලේඛාගේ දියණියන් වන රයිනි ගුණතිලක හා වින්ඩි ගුණතිලකද ටද, බෑනනුවන් වන සංගීතවේදී සනුක වික්‍රමසිංහට ද විශේෂ සම්මාන පිරිනැමිණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026