Skip to content
V
ඕස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමයි
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමයි

By News Room · 27 March 2026

ගෝලීය වශයෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. උද්ගත වූ තත්ත්වයත් සමඟ ඉන්ධන සඳහා වන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එරට ඉන්ධනහල් රැසක තොග අවසන් වී ඇති බව වාර්තා වේ.

යුද ගැටුම් ආරම්භයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස බලධාරීන් විසින් එරට වැසියන්ට දැනුම්දීමක් ද සිදුකර තිබුණි.

මෙම තත්ත්වය තුළ ඇතැම් ඉන්ධන හල් වෙතින් ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවා ඇති බව ද සඳහන් වේ. මේ අතර මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් පවතින්නේ නම් එමගින් ඇති වන බලපෑම ද දරුණු වනු ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර ඇත. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026