Skip to content
V
ඕස්ට්‍රේලියානු ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් 550,000ක් වසා දමයි
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියානු ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් 550,000ක් වසා දමයි

By News Room · 12 January 2026

ලොව ප්‍රථම වතාවට හඳුන්වා දුන් නීතියට අවනතන වෙමින් මෙටා සමාගම විසින් ඕස්ට්‍රේලියාවේ ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් 550,000ක් පමණ වසා දමා තිබෙනවා. පසුගිය දෙසැම්බර් 10 වැනිදා සිට රජය විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නීතියක් පැනවූවා.

මෙම තීරණය යටතේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට අයත් යැයි විශ්වාස කෙරෙන ඉන්ස්ටග්‍රෑම් ගිණුම් 330,000ක්, ෆේස්බුක් ගිණුම් 173,000ක් සහ ත්‍රෙඩ්ස් ගිණුම් 40,000කට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇති බව මෙටා සමාගම සිය බ්ලොග් සටහනක දක්වා තිබෙනවා.

නව නීතියට අනුව, ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සේවාවන් විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සිය සමාජ මාධ්‍ය වේදිකාවලින් බැහැරව තබාගත යුතුයි. එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5ක් (ඇමරිකානු ඩොලර් මිලියන 33ක්) දක්වා විශාල දඩයකට මුහුණ දීමට එම සමාගම්වලට සිදුවනවා.

සමාජ මාධ්‍ය මගින් සිදුවන හානි පිළිබඳව වර්ධනය පැමිණිලිවලට ප්‍රතිචාර වශයෙන් මෙවැනි දැඩි මර්දනයක් දියත් කළ ලොව ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී රට බවට ඕස්ට්‍රේලියාව පත්ව තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026