Skip to content
V
ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ; කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට
featured news - උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ; කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

By News Room · 29 January 2025

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එම තරගයේදී කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. වොන් - මුරලි කුසලානය වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.

මෙවර ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක පැට් කමින්ස් පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියට එක් නොවන අතර කණ්ඩායම මෙහෙයවන්නේ ස්ටීව් ස්මිත් විසින්ය. මේ අතර ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන බව සඳහන්ය.

ඒ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇත. ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026