Skip to content
V
ඔස්ට්‍රේලියාවෙන් මෙරට ගුවන් හමුදාවට ගුවන් යානයක්
featured news - උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවෙන් මෙරට ගුවන් හමුදාවට ගුවන් යානයක්

By News Room · 11 December 2024

අති නවීන බීච් කින්ග් 350 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (12) දින ඔස්ට්‍රේලියාවෙන් මෙරට ගුවන් හමුදාවට ලැබීමට නියමිතය. ඔස්ට්‍රේලියා රජයේ ප්‍රදානයක් ලෙස එම ගුවන් යානය මෙරටට ලැබෙනු ඇත.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කෙරෙන විශේෂ වැඩපිළිවෙළ යටතේ මෙම ගුවන් යානය ගුවන් හමුදා සංචිතයට එක්වන අතර මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද බීච් ක්‍රාෆ්ට් යානයක් ප්‍රදානයක් වශයෙන් මෙරටට ලැබුණි.

මෙය නිරික්ෂණ ගුවන් යානය ටර්බෝප්‍රොප් වර්ගයේ ද්විත්ව එන්ජින් සහිත යානයකි. මෙම ගුවන් යානය මගින් ශ්‍රී ලංකා ගුවන් සීමාව හා සුවිශේෂි ආර්ථික කලාපය තුළ සමුද්‍රිය සහ වෙරළ නිරීක්ෂණ මෙහෙයුම්, බුද්ධි නිරික්ෂණ ඔත්තු බැලිමේ මෙහෙයුම්, මානුෂිය ආධාර හා ආපදා සහන මෙහෙයුම්, සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්, සමුද්‍රිය දූෂණය නිරීක්ෂණය සහ පාලනය කිරීමේ කටයුතු පූළුල් කරගැනීමට ඉවහල්වනු ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026