Skip to content
V
ඔස්ට්‍රේලියාවේ අවු.16ට අඩු ළමුන් සඳහා Reddit වෙබ් අඩවියද තහනම් කෙරේ
featured news - උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ අවු.16ට අඩු ළමුන් සඳහා Reddit වෙබ් අඩවියද තහනම් කෙරේ

By News Room · 7 November 2025

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන් සඳහා ලබන මාසයේ ආරම්භ වන ලොව ප්‍රථම සමාජ මාධ්‍ය තහනමට ජනප්‍රිය සංසද වෙබ් අඩවියක් වන Reddit සමාජ මාධ්‍ය එකතු කර තිබේ. මෙහිදී Facebook, X, Snapchat, TikTok, YouTube, Instagram, Threads සහ සජීවී විකාශන වේදිකාවක් වන Kick සමාජ මාධ්‍ය ද ඇතුළුව තහනමට ලක් වූ වෙබ් අඩවි ගණන නවයකි. 

මෙම වසරේ දෙසැම්බර් 10 වන දින සිට, තාක්ෂණික සමාගම් වයස අවුරුදු 16ට අඩු අය සඳහා පවතින ගිණුම් අක්‍රිය කිරීමට සහ නව ගිණුම් තහනම් කිරීමට පියවර නොගන්නේ නම්, ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 දක්වා දඩ මුදලක් නියම කළ හැකි බව සඳහන්ය.

Discord, WhatsApp, ක්‍රීඩා වේදිකා වන Lego Play සහ Roblox සමාජ මාධ්‍ය තහනමට ඇතුළත් නොවන අතර Google Classroom සහ YouTube Kids ද ඇතුළත් නොවේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026