Skip to content
V
ඔබේ සෙවනැල්ල අතුරුදන්වෙන දවසක්
featured news - උණුසුම් පුවත්

ඔබේ සෙවනැල්ල අතුරුදන්වෙන දවසක්

By News Room · 1 April 2025

කොළඹට සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් 2025 අප්‍රේල් මස 7 වන සඳුදා දහවල් 12:12ට සුළු මොහොතකට ඔබේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා,

"ඇත්ත වශයෙන්ම මේක දෘෂ්ඨි මායාවක්. වසරක් ගත්තාම මේ අවස්ථාවේ උපරිම සූර්ය ශක්තිය ලැබෙන කාලය ඇවිත් තිබෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුළ අපේ රටට ඉහළින් සූර්යා මුදුන් වෙනවා. මේ මුදුන්වීම අප්‍රේල් 5 සිට 15 දක්වා පවතිනවා. කොළඹට සූර්යා මුදුන්වීම අප්‍රේල් 7 වනදා සිදුවෙනවා. එදින දහවල් 12:12ට කවුරු හරි එළියට ඇවිත් හිටියොත් ඒ අයගේ සෙවනැල්ල එක මොහොතකට නැති වෙලා යනවා. තමන්ගේ සෙවනැල්ල තමන්ට බලන්න බැහැ. ඒක වෙන කෙනෙක්ට බලන්න පුළුවන්.  මේ තත්ත්වය 4 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දවස් 10ක් පවතිනවා."

"අපේ රට ඇතුළට සූර්යා පැමිණෙන්නේ 4 වෙනිදා. ඒ කියන්නේ පේදුරුතුඩුවෙන් තමයි මේ මුදුන්වීම ආරම්භ වෙන්නේ. අප්‍රේල් 5 එළමල්දෙණිය, අප්‍රේල් 6 කළුතර, අප්‍රේල් 7 කොළඹ - කැලණිය, අප්‍රේල් 8 නයිනමඩම - මහියංගණය ආදී ප්‍රදේශවලට සූර්යා මුදුන් වෙනවා. 15 වනදා පේදුරුතුඩුවෙන් සූර්යා අපේ රටෙන් ඉවත්වෙලා යනවා."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026