Skip to content
V
ඔටිසම් දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළට
featured news - උණුසුම් පුවත්

ඔටිසම් දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළට

By News Room · 3 April 2025

වර්තමානයේ ඔටිසම් සහිත දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළ යාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ 2009 වසරේ දී මෙරට සිදුකළ සමීක්ෂණයක දී දරුවන් 93 දෙනෙකුගෙන් එක් අයෙකු ඔටිසම් සහිත දරුවෙකු බවට හඳුනාගෙන ඇති බවය. ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය මෙම අදහස් පල කළාය.

"ලංකාවේ ළමුන් 93කගෙන් එක්කෙනෙකුට මෙම තත්ත්වය තිබුණා 2009 කරපු සමීක්ෂණයක්. ඊට පස්සේ ඒක ක්‍රමාණුකූලව කරලා නෑ. දැන් ආයම පටන් අරගෙන යනවා. අපිට වෙනස් ප්‍රතිඵලයක් ලැබෙයි. මොකද ලෝකයේම වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙන. අපට දැනෙනවා ලංකාවෙත් දිනෙන් දින වැඩිවෙනවා අපිට යොමු වන ළමුන් ගණන.   වැදගත් වෙන්නේ ඉතාමත් ඉක්මනින් හඳුනාගන්න ඒක. මූලිකම අවස්ථාවේදී අපිට හඳුනාගන්න පුළුවන් නම් අවුරුදු දෙකහාමාර අවුරුදු පහ ඇතුලත කරන මැදිහත්වීම් මත 90% කට පමණ මෙම දරුවන් අපිට ගෙනියන්න පුළුවන්."

මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ මහත්මිය සඳහන් කළේ ඔටිසම් මෙන්ම ස්නායු ආබාධ රෝග සහිත දරුවන් හඳුනාගැනීමට දෙමව්පියන්ගේ ද දායකත්වය අවශ්‍ය බවය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026