Skip to content
V
එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද
featured news - උණුසුම් පුවත්

එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද

By News Room · 1 February 2026

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (01) නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. 

එහිදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හැරී බෲක් හට හිමිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, දසුන් ශානක විසිනි.

දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 11කින් ජයගත්තහ.  ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස එංගලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවෙති. 

ශ්‍රී ලංකාව තවදුරටත් තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂා කරන්නේ නම් මෙම තරගය ජයගැනීම අනිවාර්ය වේ.  මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගන්නේ නම් එය වසර 12කට පසුව එංගලන්තයට එරෙහිව ඔවුන් වාර්තා කරන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරග ජයග්‍රහණය වනු ඇත. 

අවසන් වරට ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ජයගෙන ඇත්තේ, 2014 වසරේදීය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026