Skip to content
V
එංගලන්තයේ HMPV වයිරසය පැතිරීම ඉහළ යයි
featured news - උණුසුම් පුවත්

එංගලන්තයේ HMPV වයිරසය පැතිරීම ඉහළ යයි

By News Room · 4 February 2025

සීත ඍතුවත් සමඟ එංගලන්තයේ එච්.එම්.පී.වි. වයිරසය වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍යාරක්ෂක ඒජන්සිය වාර්තා කරනවා. එම සංඛ්‍යාලේඛනවලට අනුව එරට රෝහල් 20කින් එක් රෝහලක එච්.එම්.පී.වී. වයිරසය ආසාදිත වූ රෝගියකු ප්‍රතිකාර ගන්නා බවයි පැවසෙන්නේ. එරට ජනතාව උණ හා සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙලෙන්නේ නම් මුඛ ආවරණ පලඳින ලෙසයි වෛද්‍යවරු උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර මෙවර සීත ඍතුවත් සමඟ රටවල් රැසක එච්.එම්.පී.වී. වයිරසය ව්‍යාප්ත වෙමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය (02) වැනිදා ඉන්දියාවේ අහමදාබාද් නුවරින් වයිරසය ආසාදිත සිවු හැවිරිදි දරුවකු හඳුනා ගෙන ඇතැයි එරට ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කරනවා. ඒ සමඟ ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වූ එච්.එම්.පී.වී. වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ අදාල වයිරසය චීනයෙන් ව්‍යාප්ත වූ බවට වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් වැඩිදුර තොරතුරු ඉල්ලා තිබෙනවා. නමුත් චීනය මෙතෙක් එම තොරතුරු ලබා දී නැති බවතයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මේ අතර එම නව වයිරසය චීනයේ පැතිරෙන බව එරට බෝවෙන රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026