Skip to content
V
එංගලන්තයේ දුම්රියක සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10ක් රෝහල්ගත කරයි
featured news - උණුසුම් පුවත්

එංගලන්තයේ දුම්රියක සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10ක් රෝහල්ගත කරයි

By News Room · 2 November 2025

එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හී දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. ප්‍රහාරය සිදුවන විට මගීන් ඩොන්කාස්ටර් සිට ලන්ඩන් හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිට ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් 9 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවත් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

සිද්ධියෙන් පසු එම දුම්රියේ ධාවනය අත්හිටුවා ඇති අතර නගරයේ මාර්ග රැසක් වසා දැමීමටද එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026