Skip to content
V
එළැඹෙන සතියේ IMF නියෝජිත පිරිසක් ලංකාවට
featured news - උණුසුම් පුවත්

එළැඹෙන සතියේ IMF නියෝජිත පිරිසක් ලංකාවට

By News Room · 10 November 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළග ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන සතියේ දිවයිනට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් එකඟතා ක්‍රියාත්මක කිරීම සහ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදුකර ඇති මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම මෙහිදී සිදුකිරීමට නියමිතව ඇත.

මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති ගිවිසුම අනුව තවදුරටත් ඉදිරියට යාමට වත්මන් ආණ්ඩුව සූදානම් බව පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග වොෂින්ටන්හි පැවති සාකච්ඡාවලදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා දැනුම් දී තිබුණි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විස්තීර්ණ ණය පහසුකම යටතේ තෙවන සමාලෝචනය සිදුකිරීමට නියමිත අතර එම සමාලෝචනයෙන් අනතුරුව ශ්‍රී ලංකාව සදහා වන සිව්වන වාරිකය නිදහස් කිරීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026