Skip to content
V
එස්.එම්.රංජිත් සහ ඔහුගේ ලේකම්වරියට වසර 16 ක බරපතළ වැඩසහිත සිරදඬුවම්
featured news - උණුසුම් පුවත්

එස්.එම්.රංජිත් සහ ඔහුගේ ලේකම්වරියට වසර 16 ක බරපතළ වැඩසහිත සිරදඬුවම්

By News Room · 2 April 2025

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කළේය. ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම වුණි.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026