Skip to content
V
එස්.එම්. රංජිත්ගෙන් දඬුවමට එරෙහිව අභියාචනයක්
featured news - උණුසුම් පුවත්

එස්.එම්. රංජිත්ගෙන් දඬුවමට එරෙහිව අභියාචනයක්

By News Room · 3 April 2025

දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී වසර 16 බැගින් සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම අභියාචනය, අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එය කොළඹ මහාධිකරණයට භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ නඩු විභාගයේදී තමන් විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් තීන්දුව ලබාදීමේදී සැලකිල්ලට භාජනය කර නොමැති බවත්, තමන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026