Skip to content
V
එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් සේවා 15%කින් අඩු කිරීමට තීරණ
featured news - උණුසුම් පුවත්

එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් සේවා 15%කින් අඩු කිරීමට තීරණ

By News Room · 19 June 2025

ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා 15% අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ පුළුල් බද සහිත ගුවන් යානා සඳහා වන ජාත්‍යන්තර සේවා මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව ජුලි මස මැද භාගය වන තෙක් ජාත්‍යන්තර ගුවන් සේවා අඩු කිරීමට පියවර ගන්නා බව එයාර් ඉන්දියා සමාගම පෙන්වා දෙයි. ගුවන් මෙහෙයුම්වල ස්ථාවරත්වය තහවුරු කිරීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ මගීන්ට ඇති වන අපහසුතා අවම කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

අඩුකරන ලද ගුවන් ගමන් කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර එහිදී මගීන්ට අමතර වියදමක් දැරීමට සිදුනොවන ආකාරයෙන් විකල්ප හඳුන්වාදීමට ද එයාර් ඉන්දියන් සමාගම පියවර ගෙන තිබේ.

පසුගිය 12 වනදා ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන් යානය ගුවන් ගත වී තත්ත්පර කිහිපයක් තුළ කඩා වැටීමෙන් එම යානයේ මගීන් ඇතුළු 270කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026