Skip to content
V
එජාප - සජබ එකතුව සඳහා එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
featured news - උණුසුම් පුවත්

එජාප - සජබ එකතුව සඳහා එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය

By News Room · 20 January 2025

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා වූ සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අද (20) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙනි. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණි.

එහිදී සමගි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ සමග ද එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණවලදී තරග කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වී තිබේ. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේ සාකච්ඡා එක්සත් ජාතික පක්ෂය පාර්ෂ්වයෙන් එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ පක්ෂ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානාත්වයෙන් පැවැත්වීමටත් එහිදී තීරණය වී තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026