Skip to content
V
එජාපය සමග සාකච්ඡා කිරීමට සජබයෙන් පත් කළ කමිටුවෙන් තිස්ස අත්තනායක ඉවත් වෙයි
featured news - උණුසුම් පුවත්

එජාපය සමග සාකච්ඡා කිරීමට සජබයෙන් පත් කළ කමිටුවෙන් තිස්ස අත්තනායක ඉවත් වෙයි

By News Room · 16 February 2025

එක්සත් ජාතික පක්ෂය (UNP) සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය (SJB) වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව තිස්ස අත්තනායක මහතා පවසයි. අද (16) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අත්තනායක මහතා මේ බව දැනුම්දුන්නේය. තිස්ත අත්තනායක මහතා සමගි ජන බලවේගය ජාතික සංවිධායකවරයා ද වේ. සිය ඉවත්වීම පිළබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"සාකච්ඡා ආරම්භකරන්න තීරණය කරලා තිබුණේ අපේ කෘතියාධිකාරී මණ්ඩලය හා කළමණාකරන කමිටුව. ඒ පිළිබඳ අපහැදිළිකමක් තිබුණා නම් ඒ පිළිබඳ වාර්තා කරන්න තිබුණා.  සාකච්ඡා ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නැත්නම් ඒ පිළිබඳ තීරණය කරලා මේ සාකච්ඡාවල දොර වහන්න තිබුණා. ඒ හැර එකිනෙකාට දෝෂාරෝපණය කිරීම මේකට අදාළ නෑ. ඒ නිසා මේ සාකච්ඡා පිළිබඳ පක්ෂය යම් ස්ථාවරයක් දරණවා නම්, ඒ ස්ථාවරය ඊළඟ කෘතිතියාධිකාරි මණ්ඩලය තීරණය කරන තුරු මම නැවත මේ සාකච්ඡාවලට එකතුවෙන්නේ නෑ".

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026