Skip to content
V
එක්දින ශ්‍රේණිගත කිරීම්වලින් මහීෂ් තීක්ෂණ ඉදිරියට
featured news - උණුසුම් පුවත්

එක්දින ශ්‍රේණිගත කිරීම්වලින් මහීෂ් තීක්ෂණ ඉදිරියට

By News Room · 21 November 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින පන්දු යවන්නන් අතර, ස්ථාන 06ක් ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීම්වල 12 වන ස්ථානයේ සිට 6 වන ස්ථානය දක්වා ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ, නවසීලන්තය සමග පසුගිය දා අවසන් වූ එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

එමෙන්ම, මහීෂ් තීක්ෂණ පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතර පස්වන ස්ථානයේ පසුවන අතර, වනිදු හසරංග එහි 2 වන ස්ථානයේ රැදී සිටිනවා.

එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් වනිදු හසරංගට, ඔස්ට්‍රේලියාවේ මාකස් ස්ටෝනිස් සමග පන්දු වාර 20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි හිමිව ඇත්තේ 04 වන ස්ථානයයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026