Skip to content
V
එකම විශ්ව විද්‍යාලයේ පෙම්වතා පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කරයි; පෙම්වතා වස පානය කරයි
featured news - උණුසුම් පුවත්

එකම විශ්ව විද්‍යාලයේ පෙම්වතා පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කරයි; පෙම්වතා වස පානය කරයි

By News Room · 29 January 2025

ඇලපාත පොලිස් බල ප්‍රදේශයට අයත් දෙල්ලබඩ ප්‍රදේශයේදී අද (29) අළුයම තරුණියකගේ ගෙලකපා ඝාතනය කර තිබේ. ඝාතනයට ලක් වූ තරුණිය අළුයම 6ට පමණ සිය නිවසේ මුළුතැන්ගෙයි සිටියදී, හොර රහසේ ගෙට ඇතුළු වූ පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ඇගේ ගෙල කපා ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම අවස්ථාවේදී අදාළ ඝාතකයාද එම ස්ථානයේදීම වස බෝතලයක් පානය කර, එම බෝතලය ද මේසයක් මත තබා නිවසෙන් පළා ගොස් තිබේ. කෙසේ නමුත් ඔහු පළායන අතරතුර ගමේ කුඹුරකට වැටී සිට ඇති අතර, ඒ හේතුවෙන් ගම්වාසින් ඔහුව රත්නපුර මහ රෝහලට රැගෙන ගොස් ඇත.

ඝාතනය සිදුවන අවස්ථාවේදී නිවසේ විදුලිය විසන්ධි වී තිබී ඇත. එමෙන්ම තරුණියගේ මව නිවසේ වෙනත් කටයුත්තක යෙදී සිට ඇති අතර, පියා නිවසින් එළියට ගොස් සිට ඇත. මෙම ඝාතකයා රාත්‍රී කාලයේ සිටිම මෙම නිවස ආසන්නයේ රැඳී සිටින්ට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙල්ලබඩ පදිංචිව සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ 29 හැවිරිදි තරුණියක්ය. එමෙන්ම මෙම ඝාතනය සිදුකළ බවට සැකරනන, මේ වනවිට රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයාද එම විශ්වවිද්‍යාලයේම ඉගෙනමු ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙක්ය. ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මියගිය තරුණිය හා මෙම ඝාතනය සිදුකළ බවට සැකකරන පුද්ගලයා අතර ප්‍රේම සබඳතාවක් තිබූ බවට පොලීසිය සැකපළ කරයි. සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ඇලපාත පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026