Skip to content
V
එකම පවුලේ තුනක් රෝහල් ගත කළ අනතුර
featured news - උණුසුම් පුවත්

එකම පවුලේ තුනක් රෝහල් ගත කළ අනතුර

By News Room · 2 September 2024

බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් බදුල්ල මහියංගණ මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේදී ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලක   සැමියා බිරිය සහ ලේලිය බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල කරදගහමඩ  අලුත්කෑල්ල පදිංචි   අවුරුදු 73, 67 හා  සහ 43   වයස්වල පසුවන එකම පවුලක  සාමාජිකයින් පිරිසකි.

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී ගොස් ඉදිරිපස රෝදය ගැලවීමත් සමගම රියදුරු පාලනයෙන් ගිලිහී ගිය ත්‍රී රෝදරථය  ඉදිරිපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

ත්‍රී රෝද රථය බස් රථයේ ගැටීමත් සමඟම එහි සිටි වයෝවෘද්ධ කාන්තාවගේ අතක් සහ පාදයක් බිඳි ගොස් ඇති අතර සෙසු දෙදෙනාටද අනතුරින් තුවාල සිදුව ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026