Skip to content
V
උසාවිය මඟහරින්නේ නම් දේශබන්දුගේ වත්කම් අත්හිටුවිය හැකියි
featured news - උණුසුම් පුවත්

උසාවිය මඟහරින්නේ නම් දේශබන්දුගේ වත්කම් අත්හිටුවිය හැකියි

By News Room · 9 March 2025

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් වත්කම් අත්හිටුවිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. හිටපු පොලිස්පතිවරයා දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී සිටීම මග හැරීම හේතුවෙනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසන්නේ.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි නියෝගය ලබාදී දැනට දින කිහිපයක් ගතවී අවසන්. කෙසේ වෙතත් මේ වනවිටත් ඔහු රැඳී සිටින ස්ථානයක් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නැති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනූවයි හිටපු පොලිස්පතිවරයා තවදුරටත් අධිකරණය හමුවේ පෙනී සිටීම දිගින් දිගටම මග හැරියහොත් ඔහුගේ වත්කම් අත්හිටුවිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසා ඇත්තේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026