Skip to content
V
උස් ප්‍රදේශවලට බවුසර් මඟින් සහ මුර ක්‍රමය යටතේ ජලය
featured news - උණුසුම් පුවත්

උස් ප්‍රදේශවලට බවුසර් මඟින් සහ මුර ක්‍රමය යටතේ ජලය

By News Room · 27 February 2025

මේ දිනවල පවතින අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනා ගත් උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර් මඟින් සහ මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට ද කටයුතු සලසා ඇති බවත්ය.

මෙම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලදී ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් ගෙවතු අලංකාර හා වාහන සේදීම වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නළ මඟින් ලබාදෙන පානීය ජලය භාවිතය අවම කරන ලෙසත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමඟින් බෙදා හැරීමේ පද්ධතියේ ජල පීඩනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ඇති බවත් හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා පෙර සූදානමකින් සිටින ලෙසද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම් පහළ අගයක පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති වුවද ජල නිෂ්පාදනයෙහි අඩුවීමක් සිදු වී නොමැති අතර සාමාන්‍ය තත්ත්වයෙන් 102 පමණ අභිබවා ජලය නිෂ්පාදනය කර බෙදා හැරීම සිදුකරන බව ද එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. 

එමෙන්ම ගංඟා ජලයට ලවණ ජලය මුසුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය තාවකාලික ලවණ බාධක ඉදිකිරීමට ද කටයුතු කර ඇති බව මණ්ඩලය සඳහන් කරයි.

කෙසේ වුවත් මෙම වියළි කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන අපහසුතාවයන් අවම කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය උපරිමව කැපවීමෙන් කටයුතු කරන බව ද තවදුරටත් තහවුරු කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026