Skip to content
V
උපුල් තරංගට එරෙහි වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්
featured news - උණුසුම් පුවත්

උපුල් තරංගට එරෙහි වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්

By News Room · 16 October 2024

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවට අනුව උපුල් තරංග මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

තරග පාවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංගට මාතලේ මහාධිකරණය පසුගිය 8 වනදා වරෙන්තු නිකුත් කර තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026