Skip to content
V
උප්පැන්න නොමැති ළමුන්ට උප්පැන්න ලබාදීමේ වැඩසටහනක්
featured news - උණුසුම් පුවත්

උප්පැන්න නොමැති ළමුන්ට උප්පැන්න ලබාදීමේ වැඩසටහනක්

By News Room · 3 October 2024

උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව දිවයින පුරා උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනාගනිමින් ඔවුනට එම සහතික ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

මේ වන විටත් සැලකිය යුතු ළමුන් පිරිසක් උප්පැන්න සහතික නොමැතිව විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බවට වාර්තා වී ඇති බැවින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවය කරනු ලබන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මගින් මෙම ක්‍රියාවලිය මෙම මාසය පුරා සිදු කෙරේ.

මෙම වැඩසටහන ඔස්සේ ඔක්තෝබර් මාසය පුරා ලබා දෙන උප්පැන්න සහතික සඳහා කිසිදු අයකිරීමක් සිදු නොකරන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026