Skip to content
V
උතුරු මැද පළාතේ අද දිනට නියමිත අවසන් වාර විභාගය කල්දැමේ
featured news - උණුසුම් පුවත්

උතුරු මැද පළාතේ අද දිනට නියමිත අවසන් වාර විභාගය කල්දැමේ

By News Room · 6 January 2025

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල අද (06) දින පැවැත්වීමට තිබූ අවසන් වාර විභාගය කල්දැමීමට කටයුතු කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසීය.

ඒ අනුව අද උදෑසන වනවිට කලාප 8ක කොට්ඨාස 30කට අයත් පාසල් 600කට අධික ප්‍රමාණයක අදාළ ප්‍රශ්න පත්‍රය බෙදාහැරීම නවත්වා තිබේ.

ඊට සමගාමීව විභාගය තාවකාලිකව අත්හිටුවා වෙනත් ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව සිරිමෙවන් ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය. අනුරාධපුර මුලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇතැයි ද පැවසු ඒ මහතා, අක්‍රමිකතාව සිදුවුයේ කෙසේ ද යන්න සොයා බැලීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026