Skip to content
V
උතුරු කොරියාව වසර 5කට පසු සංචාරකයින් සඳහා විවෘත කෙරේ
featured news - උණුසුම් පුවත්

උතුරු කොරියාව වසර 5කට පසු සංචාරකයින් සඳහා විවෘත කෙරේ

By News Room · 15 August 2024

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර පහකට ආසන්න කාලයක් උතුරු කොරියාවේ දේශසීමා වසා දැමීමෙන් පසු දෙසැම්බර් මාසයේදී එරට එක් නගරයක් විදේශ සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2020 වසර මුලදී කොවිඩ් වසංගතය ආරම්භයේදී උතුරු කොරියාව මුද්‍රා තැබීය.

විදෙස් මාධ්‍ය නිවේදනය කර ඇත්තේ, සංචාරකයින්ට කඳුකර නගරයක්වන සැර්ජියොන් නැරඹීමට අවසර දෙන බවයි.

සජියොන් පිහිටා ඇත්තේ උතුරු කොරියාවේ උසම කඳුකරයවන පෙක්වු පාමුලවන අතර, එය චීන-උතුරු කොරියානු දේශසීමාවයි.

සැම්පියොන් මෑත වසරවලදී විශාල ප්‍රතිසංවර්ධනයකට ලක්ව ඇති අතර, ජනාධිපති කිම් ජොන් උන් එහි ගුවන් තොටුපළ නැවත ගොඩනැඟීමට, හමුදා කඳවුරක් නිවාඩු නිකේතනයක් බවට පත් කිරීමට සහ විදේශීය සංචාරකයින් සඳහා නව දුම්රිය මාර්ග සහ හෝටල් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි මාධ්‍ය පවසන්නේ.

එමගින් ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීමේ සැලසුම් සහ මිත්‍රශීලී ජාතීන්ගෙන් පැමිණෙන අමුත්තන් ඉලක්ක කර ගන්නා බවයි ඔහු පවසා ඇත්තේ.

2024 වසරේ මුල් භාගයේ සිට රටවල් දෙක අතර ඇති උණුසුම් සබඳතා මධ්‍යයේ රුසියානු සංචාරකයින්ට පමණක් උතුරු කොරියාවට ඇතුළු වීමට අවසර දී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026