Skip to content
V
උණුසුම් වූ රන්ජන්ගේ මංගල සම්මේලනය
featured news - උණුසුම් පුවත්

උණුසුම් වූ රන්ජන්ගේ මංගල සම්මේලනය

By News Room · 27 October 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා නායකත්වය දරණ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට  නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණ. මේ නොසන්සුන් තත්ත්වය ඇතිවූයේ සම්මේලනයට සහභාගී වූ තරුණ තරුණියන් දෙසීයකට අධික පිරිසක් පක්ෂය පොරොන්දු වූ ආකාරයට මුදල් නොගෙවූ බවට චෝදනා කරමින් එහි රැස්වී කෑකෝ ගැසීම නිසාය. පසුව පොලිසිය මැදිහත්වී තරුණ තරුණියන් දෙසීයක පමණ පිරිසක් ඔවුන්ගේ නවාතැන් වෙත පිටත් කර හැරි බව ආරංචි මාර්ග සඳහන් කළේය.

එහි සිටි තරුණයෙක් මාධ්‍ය වෙත ද අදහස් දක්වමින් මෙසේ පැවසීය.

අපි මෙතන පාට් ටයිම් වැඩකට ආවෙ. රුපියල් දෙදාහක් කෑම පැකට් එකක් දෙනවා කියලා තමයි එක්කගෙන ආවේ. කොටසකට දුන්නා.ඊට පස්සේ සල්ලි ඉවර වුණා. පස්සේ ඒක සම්බන්ධීකරණය කරපු කෙනා පොලිසියෙන් ඇවිත් අරගෙන ගියා. දැන් අපිට සල්ලි ගන්න විදිහක් නෑ. එයා දැනගන්න ඕනේ වැඩේ කළා නම් සල්ලි දීලා ඉවරයක් කරන්න. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එහි සිට තරුණ තරුණියන් පිරිසක් ඔවුන්ගේ නවාතැන්වලට පිටත් කර යැවූ බවයි.

පක්ෂ සම්මේලනයට සහභාගී වන ලෙස සියලු දෙනාට විවෘත ආරාධනයක් කළ නමුත් මුදල් දෙන පොරොන්දු මත පාට් ටයිම් තරුණයන් පිරිසක් එහි නොගෙන්වූ බව රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා පැවසීය.

සාමාන්‍යයෙන් තමාගේ රැස්වීම්වලට උත්සවවලට එන අයට හොඳින් සලකන බව බොහෝ දෙනා දන්නා කාරණයක් යැයි පැවසූ රාමනායක මහතා උත්සවයට පැමිණි සියලු දෙනාට සංග්‍රහ කළ බවද සඳහන් කළේය. තමාගේ රැස්වීමට ඒ ආකාරයෙන් විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් නොගෙන්වූ බවද ඔහු ප්‍රකාශ කළේය. කෑ ගැසූ පිරිස කුමන්ත්‍රණකාරීන් හෝ කඩාකප්පල්කාරීන් පිරිසක් විය හැකි බවත් එම පිරිස කවුදැයි සොයා බලාගෙන යන බවත් රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026