Skip to content
V
උඩරට මැණිකේ දුම්රියට අසූචි ප්‍රහාරයක්
featured news - උණුසුම් පුවත්

උඩරට මැණිකේ දුම්රියට අසූචි ප්‍රහාරයක්

By News Room · 29 September 2024

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසලදි එකවරම පොලිතින් උරයක යමක් දුම්රිය මැදිරිය තුලට දුම්රිය මාර්ගයේ ගමන් කල පිරිසක් විසින් විසි කර තිබේ.

 එම අවස්තාවේ එම මැදිරිය තුල සිටි විදේශිය යුවලකට එසේ විසිකළ පොලිතින් උරවල දමා තිබු අසුචී වැදී ඇතැයි කියයි.

පසුව දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානය වෙත ළගා විමෙන් පසු එම විදේශිය යුවල අසුචී තැවරුණු ඇදුම් මාරු කර ඇති බවත්,තලවකැලේ දුම්රිය ස්ථානයේ සේවකයෙකු විසින් අසුචි විසිරි තිබු දුම්රිය මැදිරිය සෝදා පවිත්‍ර කිරිමෙන් අනතුරුව දුම්රිය බදුල්ල දක්වා ධාවනය කල බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර තිබේ.

එම දුම්රිය මැදිරියේ ගමන් ගත් මගියෙකු නානුඔය දුම්රිය ස්ථානය වෙත කරන ලද දැනුම් දිමක් මත දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් දිඹුල පතන පොලිසියට මේ සම්බන්ධයෙන් විමශණයක් පවත්වන ලෙසට පැමිණිල්ලක් කර ඇත.

උඩරට දුම්රියන්වල පාපුරුවේ සහ මැදිරිවල ගමන් ගන්නා විදේශිකයන් ඇතුළු මගින්ගේ ජංගම දුරකථන ඩැහැ ගැනිමේ ජාවාරමක්ද පසුගිය කාලය තුල උඩරට දුම්රිය මාර්ගයේ ක්‍රියාත්මක විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026