Skip to content
V
ඊශ්‍රායල සහ අමෙරිකානු විශ්වවිද්‍යාලවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් නිවේදනයක්
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායල සහ අමෙරිකානු විශ්වවිද්‍යාලවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් නිවේදනයක්

By News Room · 29 March 2026

ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මැදපෙරදිග කලාපයේ පිහිටි ඊශ්‍රායල සහ අමෙරිකානු විශ්වවිද්‍යාල ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානය අවධාරණය කර ඇත්තේ අදාල බෝම්බ ප්‍රහාරය අමෙරිකාව විසින් වහාම හෙළා දැකිය යුතු බවයි. එසේ නොවන්නේ නම්, ඉරානයේ දැඩි පළිගැනීමේ මෙහෙයුම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය අධ්‍යාපන ක්ෂේත්‍රය දක්වා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026