Skip to content
V
ඊශ්‍රායල - ලෙබනන් සටන් විරාම ගිවිසුම දීර්ඝ කරයි
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායල - ලෙබනන් සටන් විරාම ගිවිසුම දීර්ඝ කරයි

By News Room · 27 January 2025

ලබන මස 02 අවසන් වීමට නියමිතව තිබූ ලෙබනනයේ සටන් විරාම ගිවිසුම දීර්ඝ කර තිබෙනවා. ලෙබනනයේ අගමැති නජිබ් මිකාටි පවසා ඇත්තේ, අමෙරිකාව සමග ඇති කර ගත් සම්බන්ධතාවෙන් පසුව, සටන් විරාමය පෙබරවාරි 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

මීට පෙර ගිවිසුමේ ලෙබනනයට අදාළ කොටස ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ලෙබනනයේ ඊශ්‍රායල හමුදාව යොදා තිබූණා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සටන් විරාම සැලැස්ම, ඊශ්‍රායලය සහ ලෙබනන් සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා අතර මාස 14ක ගැටුම අවසන් කර තිබුණා.

එමෙන්ම, ඊශ්‍රායලය හමුදාව විසින් ලෙබනනය වෙත යාමට උත්සාහ කළ පුද්ගලයින් 22 දෙනෙකු ඝාතනය කර තවත් 124 දෙනෙකුට තුවාල සිදු කර ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026