Skip to content
V
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ ළමුන් ඇතුළු 128ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ ළමුන් ඇතුළු 128ක් ජීවිතක්ෂයට

By News Room · 15 June 2025

ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 128 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පුද්ගලයින් 900 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.

මියගිය පිරිස අතර මාස දෙකක කුඩා බිළිඳෙකු ද වන බව සඳහන් වේ. මේ අතර  ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊශ්‍රායල රජය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 380ක් පමණ වන බවය.

ඉරානය විසින් ඊයේ (14) දිනයේ මධ්‍යම ඊශ්‍රායලයේ බැට්යම් ප්‍රදේශයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලකට දැඩි හානී සිදුව තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026