Skip to content
V
ඊශ්‍රායල් ප්‍රහාරයකින් හිස්බුල්ලා නායක හසන් මරණයට
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායල් ප්‍රහාරයකින් හිස්බුල්ලා නායක හසන් මරණයට

By News Room · 29 September 2024

ඊශ්‍රායල් හමුදා ප්‍රහාරයකින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා මරණයට පත්ව තිබෙනවා. ඊශ්‍රායල හමුදාව පවසන්නේ හිස්බුල්ලා ප්‍රධානී නස්රල්ලා ඉලක්ක කොට බීරූට් ප්‍රදේශයේ ප්‍රහාරයකින් ඝාතනය කළ බවයි.

ඊයේ (27) ඊශ්‍රායලය විසින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඊශ්‍රායල හමුදාව වාර්තා කළේ,ගුවන් ප්‍රහාරවලින් බේරූට් හි හිස්බුල්ලාගේ මූලස්ථානය ඉලක්ක කරගත් බවයි. ප්‍රහාරයෙන් හරෙක් හෙයික් උපනගරයේ ගොඩනැගිලි හයක් විනාශ වූ බව සඳහන්. මෙය ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සිදුවූ වඩාත් වැදගත් ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස වාර්තා වනවා. වසර30 කට වැඩි කාලයක් හිස්බුල්ලා සංවිධානයට නායකත්වය දී ඇත්තේ නස්රල්ලා විසින් බවයි පැවසෙන්නේ.

හසන් නස්රල්ලා 1960 දී Beirut හි Bourj Hammoud ප්‍රදේශයේ උපත ලද අතර, එම පවුලේ දරුවන් නව දෙනෙකුගෙන් මොහු වැඩිමලා බවයි පැවසෙන්නේ. ඔහුගේ දේශපාලන ගමන ආරම්භ වූයේ ලෙබනනයේ සිවිල් යුද්ධය අතරතුරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026