Skip to content
V
ඊශ්‍රායල අගමැති රට වැසියන්ගෙන් සමාව ගනී
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායල අගමැති රට වැසියන්ගෙන් සමාව ගනී

By News Room · 3 September 2024

පසුගිය සෙනසුරාදා ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනා බේරා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඔහු මේ බව කියා සිටියේ දස දහස් ගණනක ඊශ්‍රායල ජනතාවක්, අගමැතිවරයා සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් රට පුරා වීථි බැස දෙවන දිනටත් විරෝධතා ක්‍රියාත්මක කරන අතරයි.

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ මළ සිරුරු ඊශ්‍රායල සොල්දාදුවන් විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි මෙලෙස ජනතාව වීථි බැස ඇත්තේ.

විරෝධතාකරුවන් චෝදනා කළේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ සාකච්ඡා නිවැරදි ආකාරයට නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බවයි.

මේ අතර මෙම සිද්ධියත් සමග එංගලන්තය ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නවතා දමා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026