Skip to content
V
ඊශ්‍රායලය සිය ගුවන් කලාප වසා දමයි
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායලය සිය ගුවන් කලාප වසා දමයි

By News Room · 26 October 2024

ඊශ්‍රායලය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ ඉරානය සහ ඉරාකය සිය ගුවන් කලාප වසා දමා තිබෙනවා. එමෙන්ම ඊශ්‍රායලය ද සිය ගුවන් කලාප වසා දමා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊශ්‍රායලය ප්‍රහාරක ගුවන් යානා 100ක් පමණ යොදාගෙන ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි හමුදා ඉලක්ක වෙත පහර දී තිබුණා. ඊශ්‍රායල හමුදාව පවසන්නේ ඉරානය විසින් මාස ගණනාවක සිට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඔවුන් ඉරානයේ හමුදා ඉලක්ක වෙත මෙසේ ප්‍රහාර එල්ල කළ බවයි.

2023 ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 42,847ක් මිය ගොස් 100,544ක් තුවාල ලබා තිබෙනවා. හමාස් සංවිධානය විසින් මෙහෙයවන ලද ප්‍රහාරවලදී ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,139ක් මිය ගොස් ඇති අතර, 200කට අධික පිරිසක් වහල්භාවයට ගෙන ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026