Skip to content
V
ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 40 මරුට
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 40 මරුට

By News Room · 10 September 2024

ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මානුෂීය කලාපයකට, ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් පලස්තීනුවන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් 60 දෙනකු තුවාල ලැබූ බවත් පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. 

මෙම මානුෂීය කලාපයේ කඳවුරුවල රැඳී සිටින්නේ, ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, ගාසා තීරයේ නන්දෙසින් පැමිණි පලස්තීනුවන්ය. ඊශ්‍රායල හමුදා එල්ල කළ එම ගුවන් ප්‍රහාරයෙන් මියගියේත් තුවාල ලැබුවේත් කාන්තාවන් සහ කුඩා දරුවන්ය.

පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මෙම මානුෂීය කලාපය ඇත්තේ, කාන් යූනිස් නගරයට දකුණු දෙසිනි.පලස්තීන වැසියන්ට ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කළත්, මෙම මානුෂීය කලාපයට මීට පෙර ද ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර ඇත.පසුගිය ජූලි මාසයේ හමාස් නායක මොහොමඩ් ඩෙයිෆ් ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදා සමත් වූයේ ද මෙම මානුෂීය කලාපයට පහර දෙමිනි. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026