Skip to content
V
ඊයේ දිනයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් 60කට වඩා ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ඊයේ දිනයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් 60කට වඩා ජීවිතක්ෂයට

By News Room · 1 July 2025

ඊශ්‍රායලය ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත එල්ල කළ ප්‍රහාරවලින් 60කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ගාසා හි සටන්විරාමයක් ඇතිකර ගතයුතු බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති පසුබිමක, ඊශ්‍රායලය ගාසා වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීම විශේෂත්වයකි. ඉරානය සමඟ පැවති දින 12ක යුද්ධය අවසන් වී ඇති පසුබිමක ඊශ්‍රායලයේ අවධානය නැවතත් ගාසා තීරය වෙත එල්ල වී තිබේ.

ඒ අනුව ගාසා තීරයේ උතුරු කලාපය ඇතුළු ස්ථාන රැසක් ඉලක්ක කරගත් ප්‍රහාරවලින් ඊයේ පමණක් මෙලෙස පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් බටහිර ගාසා හි පිහිටි වෙරළ අවන්හලක් ඉලක්ක වී ඇති අතර, එහිදී පුද්ගලයින් 20කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ. මෙම අවන්හල ගාසා හි රැඳී සිටින මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් මෙන්ම සිවිල් වැසියන් ද නිතර රැඳී සිටින ස්ථානයක් ලෙස සැලකේ. අල් බඛා අවන්හලට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබුණි.

මේ අතර ගාසා හි පාසල්, මෙන්ම ආහාර බෙදාදීමේ ස්ථාන ඉලක්ක කරගෙන මෙලෙස ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ. ඒ ගාසා හි සටන්විරාමයක් ඇතිකර ගතයුතු බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති පසුබිමකය.

සටන්විරාමයක් ඇතිකරගැනීමට නෙතෙන්යාහු සහ හමාස් සංවිධානය අතර මේ වනවිට සාකච්ඡා පවතින බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය සමාජ මාධ්‍යයක සටහනක් පළකර තිබුණි. එසේ තිබියදී ඊශ්‍රායලය මෙලෙස ගාසා තීරය වෙත ප්‍රහාර තීව්‍ර කරමින් සිටීම විශේෂත්වයකි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026