Skip to content
V
ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් අනතුරට පත්වෙයි; 6ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් අනතුරට පත්වෙයි; 6ක් ජීවිතක්ෂයට

By News Room · 27 March 2025

ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් සංචාරකයින් 6 දෙනෙකු මියගොස් ඇති බව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් අනතුරෙන් 39 දෙනෙකුම බේරාගැනීමට ගලවාගැනීමේ මෙහෙයුම්හි නිරතව සිටි නිලධාරින්ට හැකි වූ බව ඊජිප්තුව තහවුරු කර ඇත.

ඊජිප්තුවේ හුර්ගාඩා වෙරළට කිලෝමීටරයක් ​​පමණ දුරින් වූ මුහුදේ දී මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම සබ්මැරීනයේ රුසියානු, නෝර්වේ, ස්වීඩන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් රැසක් සිට ඇත.

කෙසේ නමුත් මියගිය 6 දෙනාම රුසියානුවන් බවට මේ වනවිට හදුනාගෙන තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සී ස්ටෝරි නම් සංචාරක බෝට්ටුවක් හුර්ගාඩාහි දියේ ගිලී ගිය අතර, ඉන් බ්‍රිතාන්‍ය යුවළක් ඇතුළුව 11 දෙනෙකු මියගොස් ගියහ.  එම අනතුරෙන්ද 35 දෙනෙකුගේ දිවි ගලවාගැනීමට හැකිව ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026