Skip to content
V
ඉංගිරියේ බස්-ලොරි ගැටුමෙන් 15ක් රෝහලේ
featured news - උණුසුම් පුවත්

ඉංගිරියේ බස්-ලොරි ගැටුමෙන් 15ක් රෝහලේ

By News Room · 27 March 2025

හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ඉංගිරිය ‍පොලීසිය පැවසීය.

තුවාල ලැබූවන් අතර ලොරියේ රියදුරු සහ සහායකයාද වන බව පොලීසිය සඳහන් කළේය. තුවාල ලැබූවන් ඉංගිරිය දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි ලොරි රියදුරු සහායක ඇතුළු පාසල් සිසුන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

පෞද්ගලික බස් රථයේ හොරණ දෙසට පැමිණෙමින් සිටියදී හා කුඩා ලොරිය ඉංගිරිය දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර වී තිබුණි. ඉංගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026