Skip to content
V
ඉහළ ගිය එළවළු මිල
featured news - උණුසුම් පුවත්

ඉහළ ගිය එළවළු මිල

By News Room · 29 December 2024

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගෙ වල තොග මිල පහත ඉහළ යමින් පවතින බව  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් නියෝජිතයෝ පවසති.

ඒ අනුව අද (29) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ කියති. බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය  පහළ වැටීම  එළවළු තොග ලැබීම අඩු වී ඇති බව ඔවුහු අවධාරණය කරති.

අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 800 ක් 900 ත් අතර පැවතිනි. රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝ එක මෙදින අලෙවි වූයේ රුපියල් 250ත් 200 ත් වැනි මිලකට ත් වට්ටක්කා කිලෝව රුපියල් 160 ත් 170 අතර මිලකට අලෙවි වෙයි. විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක් 230ත් 270 වූ මිල ගණන් යටතේ අලෙවිවීම විශේෂත්වයකි

ඒ අනුව පසුගිය දා ලීක්ස්  කිලෝවක් රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය. මේ වනවිට ලීක්ස් කිලෝවද 280 දක්වා කන්ද උඩරට ප්‍රදේශවලින් මෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිලද  ඉහල ගොස්  ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  අද( 29 ) එළවළු කිලෝවක පැවති තොග මිල මෙසේය.

බෝංචි  350 - 400

ලීක්ස් 250 - 270

කැරට්   160 - 270

ගෝවා  100 - 130

තක්කාලී  280 - 300 

රාබු  60 - 120  

කැකිරී  50 - 80

පිපිඤ්ඤා   100 - 110

වැටකොලු    160 - 240  

බණ්ඩක්කා  50 - 60

පතෝල 150 - 200

වම්බටු   350 - 400

අමු මිරිස් 850 - 1000

මැකරල් 150 - 250

මාළු මිරිස්  550 - 750

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026