Skip to content
V
ඉරාන - අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා අත්සන් තැබේ
featured news - උණුසුම් පුවත්

ඉරාන - අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා අත්සන් තැබේ

By News Room · 15 June 2026

ඓතිහාසික ඉරාන - අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා, එනම් ජුනි 19 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබීමට නියමිත බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා ඇත. ඔහු එම ගිවිසුම හඳුන්වා ඇත්තේ ඉස්ලාමාබාද් එකඟතාව ලෙසය. සිකුරාදා ගිවිසුම අත්සන් කෙරෙන බව ජනාධිපති ට්‍රම්ප් ද පවසා ඇත.

ඔහු සඳහන් කරන්නේ ඒ සමග හෝමූස් සමුද්‍ර සන්ධිය සාගර බෝම්බ ඉවත් කිරීම සඳහා වහාම විවෘත වන බවය. ඉරානය සහ අමෙරිකාවත් ඊශ්‍රායලයත් මෑත කාලීන යුද්ධයක පැටලුණේ මේ වසරේ පෙබරවාරි 28වැනිදා අමෙරිකාව, ඉරානයට එල්ල කළ ප්‍රහාරයත් සමග ය.

එදින ජීවිතක්ෂයට පත්වූ ඉරාන උත්තරීතර නායකයාගේ අවසන් කටයුතු වෙනුවෙන් අවමංගල්‍ය උත්සවය ජූලි 4වනදා ආරම්භ වන අතර ජූලි 9 වැනිදා භූමදානය සිදු කෙරෙනු ඇත. කෙසේවෙතත් ඉරාන - අමෙරිකා සාම ගිවිසුම අත්සන් තැබීමට නියමිතව ඇත්තේ යුද්ධය ඇරඹුණු පෙබරවාරි 28දාට දින 111කට පසුවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026