Skip to content
V
ඉරානය සමග ඇති සටන් විරාමය දීර්ඝ කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
featured news - උණුසුම් පුවත්

ඉරානය සමග ඇති සටන් විරාමය දීර්ඝ කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

By News Room · 22 April 2026

පාකිස්ථානයේ ඉල්ලීම පරිදි අමෙරිකා එක්සත් ජනපදය ඉරානය සමග ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

කෙසේ වෙතත්, ඉරාන වරායන් අවහිර කිරීම දිගටම කරගෙන යන බවයි ජනපතිවරයා සඳහන් කර ඇත්තේ.

"බලාපොරොත්තු වූ පරිදිම ඉරාන රජය බරපතල ලෙස බිඳ වැටී ඇති බව පෙනෙන්නට තිබීමත්, පාකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සහ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ඉල්ලීම මතත්, ඉරානයේ නායකයින්ට සහ නියෝජිතයින්ට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකි වන තෙක් එම රටට එල්ල කරන ප්‍රහාරය නතර කරන ලෙස අපෙන් ඉල්ලා ඇත.

එබැවින්, අවහිර කිරීම දිගටම කරගෙන යන ලෙසත්, අනෙකුත් සෑම අංශයකින්ම සූදානමින් සිටින ලෙසත් මම අපගේ හමුදාවට උපදෙස් දී ඇත්තෙමි. ඒ අනුව, ඔවුන්ගේ යෝජනාව ඉදිරිපත් කර සාකච්ඡා අවසන් වන තෙක් මම සටන් විරාමය දීර්ඝ කරමි යනුවෙනුයි ජනපතිවරයා සඳහන් කර ඇත්තේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026