Skip to content
V
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නෙටාන්ස් ඉලක්ක කර යළිත් ප්‍රහාර
featured news - උණුසුම් පුවත්

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නෙටාන්ස් ඉලක්ක කර යළිත් ප්‍රහාර

By News Room · 21 March 2026

ඉරානයේ පිහිටි ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නෙටාන්ස් (Natanz) පරිශ්‍රය ඉලක්ක කරගනිමින් යළිත් වරක් ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය ප්‍රකාශ කළේ, මෙය න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සහ න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඉරානය චෝදනා කරන අතර, ප්‍රහාරයෙන් පසුව සිදුකළ තාක්ෂණික පරීක්ෂණවලට අනුව විකිරණ කාන්දුවක් හෝ පාරිසරික හානියක් සිදුව නොමැති බව තහවුරු වී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026