Skip to content
V
ඉරානය තම ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවේ පවත්වන ලෙස ඉල්ලයි
featured news - උණුසුම් පුවත්

ඉරානය තම ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවේ පවත්වන ලෙස ඉල්ලයි

By News Room · 17 March 2026

ඉරානය තම ලෝක කුසලාන පාපන්දු තරග සියල්ලම මෙක්සිකෝවේදී පවත්වන ලෙස FIFA ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ. ඉරාන පාපන්දු කණ්ඩායම සහභාගී වන සියලුම තරග අමෙරිකාව වෙනුවට මෙක්සිකෝවේදී පවත්වන ලෙස ඉරාන පාපන්දු සභාපති මෙහ්දි තාජ් (Mehdi Taj) පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරාන කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා, තම කණ්ඩායම අමෙරිකාවට නොයවන බව ඉරානය පවසා ඇති බව සඳහන් වෙයි. සැලසුම් කර තිබූ පරිදි ඉරානයේ තරග කිහිපයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් සහ සීඇටල් නගරවල පැවැත්වීමට නියමිතව තිබුණි.

ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ වත්මන් ආරක්ෂක තත්ත්වය හමුවේ ඉරාන ක්‍රීඩකයින්ට මෙම තරගාවලියට සහභාගී වීම අපහසු වී ඇති බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026