Skip to content
V
featured news - උණුසුම් පුවත්

ඉරානයේ ටෙහෙරාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කර ගනී

By News Room · 18 June 2025

උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වෙනස් ස්ථානයක සිට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි.  

මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.  

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන්නන් වන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසුවා. 

"ඊශ්‍රායලයේ රැකියාවලට යවන එක අපි තාවකාලිකව නවත්වලා තියෙන්නේ. නිවාඩු ඇවිල්ලා ඉන්න අයටත් අවස්ථාවක් නැහැ ආපහු යන්න. අපි වීසා කාලය දීර්ඝ කරන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒක කරගන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී ඊශ්‍රායලයට යන එකත් අනතුරුදායකයි. ඊශ්‍රායලයට යන්න ගිහිල්ලා ඩුබායි එයාර්පෝට් එකේදී 10 දෙනෙක් හිටියා අපි ඒ අයව ලංකාවට ගෙන්න ගන්න කටයුතු කළා. ඊශ්‍රායලයේ රැකියා කරන අයව මෙරට ගෙන්න ගන්න ගුවන් යානයක් යවන එක අසීරු කටයුත්තක්. කොහොම වුණත් අපි නිරන්තරයෙන් තානාපතිවරුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා." 

යනුවෙන් ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට සඳහන් කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026