Skip to content
V
ඉන්ධන මිල සංශෝධනයෙන් පාසල් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළට; බස් ගාස්තු වෙනස් නොවේ
featured news - උණුසුම් පුවත්

ඉන්ධන මිල සංශෝධනයෙන් පාසල් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළට; බස් ගාස්තු වෙනස් නොවේ

By News Room · 10 March 2026

ඩීසල් මිල ඉහළ ගිය ද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ ගිය ද, ඉන් බස් ගාස්තු සංශෝධනය සඳහා බලපෑමක් සිදු නොවන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ. ඒ අනුව, දැනට පවතින ගාස්තු ඒ අයුරින් පවත්වාගෙන යන බව සඳහන්.

එසේම, පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. ඒ අනුව, මාසික ගාස්තුව රුපියල් 5,000 ට අඩුවෙන් ලබා ගන්නා අයට රුපියල් 200 ක වැඩිවීමක් හා 5,000ට වැඩියෙන් අය කරන පිරිස් වෙත 5% ක වැඩි වීමක් සිදු කරන බවයි අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි වැඩිදුරටත් සඳහන් කළේ‍.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026